වතුර වලකට වැටී අවුරුද්දක දරුවෙක් මරුට


(සඳලංකාව - හේමලතා ඩී. හේවගේ)


දංකොටුව, මැටිකොටුව, මහගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් අසල තිබූ වතුර වලකට වැටී කුඩා ගැහැණු දරුවකු අද (12) උදෑසන මියගොස් තිබේ.


මෙසේ මියගොස් ඇත්තේ නෙතුනි විමංසා නම් වයස අවුරුදු 1 මාස 09 ක් වන දරුවෙකි.


මේ වනවිට දරුවාගේ දේහය දංකොටුව රෝහලේ තැන්පත් කර තිබේ. දංකොටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ෂණ කටයුතු මෙහෙයවයි.