(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ප්‍රදේශයේ කුඩා වැව් සිඳී යාමත් වර්ෂාව නොමැති වීමත් හේතුවෙන් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවුල් 3179 කට අයත් පුද්ගයින් 10,005 දෙනෙකු පමණ පීඩාවන්ට පත්ව ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ නිලධාරීන් පෙන්වා දෙති.
පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ගම්මාන කිහිපයක වැසියන්ට දෛනික අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් එම වැසියන් බොහෝ දුරක් ගෙවා ජලය සොයා යාමට සිදුව ඇති අතරම ප්‍රදේශයේ කුඩා වැව් සියල්ලකම ජලය සීඝ්‍රයෙන් සිඳී යාම හේතුවෙන් වැසියන් මෙන්ම සතා සිව්පාවුන්ද පීඩාවන්ට පත්ව සිටිති.
මුලතිව් පුදුකුඩිඉරිප්පු වේනාවිල් , මන්දුවිල්, ඉරණපලෙයි , දේවිපුරම් , මණ්ණංකණ්ඩාල් , කයිලවී, සුදන්දිරපුරම්, උදයාර්කට්ටු හා විශ්වමඩු යන ප්‍රදේශයන්හි ජීවත් වන වැසියන් දසදහසක් පමණ දෙනා මෙසේ පීඩාවන්ට පත්ව සිටිති.
පවතින නියං තත්ත්වය ඉදිරියටද පැවතිය හොත් පීඩාවට පත්වන ප්‍රමාණයන් දිනෙන් දින වැඩිවිය හැකි අතරම ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ නිලධාරීන් වැඩි දුරටත් පවසයි.