(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විෂ බීජයක් පැතිර යාම නිසා වතුපිටිවල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇතැයි රෝහල් පාලනාධිකාරිය කියයි. එය පිරිසිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද දැඩි සත්කාර ඒකකයේ කටයුතු දින තුනකට නවතා ඇතැයි ද රෝහල් පාලනාධිකාරිය පවසයි.
දැඩි සත්කාර ඒකකයට පිට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත. ඉරිදා හෝ සදුදා වනවිට එම ඒකකය යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි සිසිර විජේසුන්දර මහතා පවසයි.
රෝහලක් සාර්ථකව පවත්වාගෙන යාම සදහා දැඩි සත්කාර ඒකකයක දැඩි අවශ්‍යතාවයක් පවතින නිසා බැක්ටීරියා ආසාදන තත්තවයක් උද්ගතවූ විටදී මෙසේ පිරිසිදු කිරීමට සිදුවන බවද වෛද්‍ය අධිකාරිවරයා කියයි.