වතුකම්කරුවන් 16 කට බඹර ප්‍රහාරයක්



 
රංජිත් රාජපක්‍ෂ 
 
බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලැබු 10 දෙනෙකු අද (26) බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව පොලිසිය පවසයි.

තේ වතුයායේ ගසක් මත බැඳ තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහරදීමෙන් බඹරු ඇවිස්සි තමන්ට පහරදුන් බවත් තුවාල ලබා නේවාසිකව ප‍්‍රතිකාර ලබන වතුකම්කරුවෝ පවසති.