වතුකම්කරු වැටුප වැඩි කරන ලෙස ඉල්ලා කොළඹට පාගමනක්


රංජිත් රාජපක්ෂ   

                   
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1200 දක්වා ඉහළ දමන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් 13 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් බගවන්තලාවේ සිට කොළඹ දක්වා පාගමනක් අද (23) ඇරඹුහ.

බගවන්තලාව පොලිස්  වසමට අයත් කොටියාගල තේ කර්මාන්ත ශාලාව  අසලින් ආරම්භ කළ පාගමන බගවන්තලාව නගරයට පැමිණ බගවන්තලාව ශ්‍රි තෙණ්ඩායිදුපාණි කෝවිලේ දී විශේෂ ආගමික වතාවන් වලින් පසු පාගමන ආරම්භ කෙරිණි.

මෙම පාගමනේ යෙදෙන වතුකරයේ තරුණයන් පැවසුවේ වතු කම්කරුවකුගේ මුලික වැටුප රු 1200 දක්වා වැඩිවිය යුතු බවයි.

දින පහක් ඇතුළත පාගමනින් කොළඹට ගොස් වතු කම්කරුවන්ගේ වැටුප රු 1200 දක්වා වැඩි කිරිමට මැදිහත්වන ලෙසට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ යන  මහතුන්ට සහ වතු හාම්පුතුන්ගේ සංගමයට විශේෂ සංදේශයක් බාර දීමට කටයුතු කරන බවයි.