වතු වෛද්‍යවරයාට එරෙහිව ළිඳුල කම්කරුවෝ උද්ඝෝෂණයක


(ශාන්ත චන්ද්‍රසිරි)

වතු වෛද්‍යවරයා නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදෙන බව පවසමින් ලිඳුල, ටිලිකුන්ට්‍රි වත්තේ වතු කම්කරුවෝ අද(5) උද්ඝෝෂණයක නිරත වූහ.

එම වත්තේ සේවය කරනු ලබන වතු කම්කරුවන් විශාල පිරිසක්  වතු කාර්යාලය ඉදිරිපිටට එකතු වී වතු වෛද්‍යවරයාට එරෙහිව ලියන ලද විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර වතු වෛද්‍යවරයාගේ අනුරුවක් සකසා පසුව ඊට ගිනි තබා පුළුස්සා දමා පැය කීපයකට පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.