(රංජිත් රාජපක්ෂ )
තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය 7 වැනි දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මක කිරීමට වෘත්තිය සමිති නායකයින් තීරණය කර ඇත.
ලංකා කම්කරු කොංග්‍රසය විසින් වතුකරය පුරා ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජන වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට වතුකරයේ සෙසු වෘත්තිය සමිතිවල සහයෝගයත් අද (10) සිට ලබා දිමට ඔවුහු තීරණය කර තිබේ.
මෙම වැඩ වර්ජනයට සමගාමිව වතු කම්කරුවෝ තම වතු යායේ තේ කර්මාන්ත ශාලව ඉදිරිපිටට පැමිණ වතු සමාගම්වලට එරෙහිව ටයර් පුළුස්සා සිය විරෝධය දැක්වුහ.
වතු කම්කරුවෙකුට වතු සමාගම් විසින් දැනට දිනකට ගෙවන මුලික වැටුප වන රු 530 වැටුප රු 600 දක්වාත් දැනට පැමිණිමේ දිමනාව වශයෙන් ගෙවන රු 60 දිමනාව රු 140 දක්වාත් වැඩි කර දිනකට වතු කම්කරුවෙකුට රු 1012 ක වැටුපක් ලබා දිමට වතු සමාගම් විසින් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත ඉදිරිපත් කර ඇති යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමණ් මහතා ඊයේ (09) පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ මාධ්‍යය හමුවක් පවත්වමින් කියා සිටියේ වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින මුන ගැසි ඉල්ලිමක් කරන බවයි.
වතු සමාගම් එම වැටුප ලබාදෙන තෙක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව තෝණ්ඩමන් මහතා පැවසීය.