වගා ළිඳකට වැටුණු අලි පැටියෙක් සොයා ගනී



සිතුම් චතුරංග
          

මවගෙන් වෙන්වුණු මාස හයක් පමණ වයසැති අලි පැටවකු වවුනියාව බෝගස්වැව නාමල්ගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටියදී සොයා ගත් බව වවුනියාව වනජීවි කාර්යාලය පවසයි.


ආහාර සොයා පැමිණිමේදී අලි පැටවා නාමල්ගම අලි වැට ආසන්නයේ දී මව් ඇතින්නට මඟ හැරී ඇතැයි වවුනියාව වනජීවී නිලධරයෝ පවසති.


මව මඟහැරුණු අලි පැටවා තම මව සොයමින් ගම්මානය පුරා ඇවිදිමින් සිටියදී අඩි 20 ක් පමණ ගැඹුරු අනාරක්ෂිත වගා ළිඳකට වැටී තිබේ.


වවුනියාව වනජීවි නිලධාරීන් පැවසූයේ අලි පැටවා අලි වැටට යටින් රිංගා ගම්මනය තුළට පැමිණ ඇති අතර මව් ඇතින්න අලි පැටවා ළඟට පැමිණීමට උත්සහ කිරීමේදී අලි වැටේ විදුලි සැරවැදීම හේතුවෙන් යළි කැළෑව තුළට දිව යෑම හේතුවෙන් පැටවා මඟහැරී ඇති බවට සැකපළ කරයි.


වගාළිදේ සිටි කිඹුලා ගොඩ ගැනීමෙන් පසුව ආරක්ෂිත ජල ප්‍රවාහන ප්‍රදේශයකට මුදා හැරීමට කටයුතු කිරීමට නියමිත බව නිලධාරීන් වැඩිදුරටත් පවසයි.

අලි පැටවාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂා කළ කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිලධාරී බි. ගිරිදරන් මහතා ඇතුඵ නිලධාරීන් පැටවාගේ මව සොයා මෙහෙයුමක් ආරම්භ කළ අතර අලි රංචුව සොයා ගැනීමට නොහැකි වී තිබේ.


මව් ඇතින්න සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පශු වෛද්‍ය නිලධාවරයා විසින් අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන යාමට නිර්දේශ කරනු ලැබීය.