(සිරංගිකා ලොකුකරවිට)
අධික වර්ෂාව සමඟ ඇතිවූ අකුණු හේතුවෙන් ගාල්ල වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ පාලක පුවරුවල විදුලිය විසන්ධි වී ඇත.
ඒ නිසා මේ වනවිට බෝපේ පෝද්දල ප්‍රදේශයේ නිවාස 14,000ට ජලය ලබාදීමේ ගැටළුවක් මතුවී ඇත.
අද දහවල් වනවිට එය යථාතත්ත්වයට පත්කළ හැකි බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය ඉංජිනේරු එම්.කේ.ලෙස්ටි මහතා පවසයි.
ගාල්ල, හබරාදුව, අහංගම, අක්මීමණ ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට ජලය බෙදාහැරීමේ ගැටළුවක් ඇති නොවන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

