පුෂ්පකුමාර මල්ලවආරච්චි
වංචා සහගත ලෙස මුදල් ආධාර එකතු කිරීමේ නියුතු සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ කාන්තාවක හා පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමකින් පසු එහි ප්‍රධාන සැකකරුවන් වූ පැල්මඩුල්ල ප්‍රදේශයේ යුවළක් අද(06) සවස අත්අඩංගුවට ගත් බව වීරගුල පොලිසිය කියයි.
පිට කොන්දේ ආබාධයකින් පෙළෙන 19 හැවිරිදි තරුණියකගේ ඡායාරූපය හා විස්තර යොදා ගනිමින් ඇගේ අනුදැනුමකින් තොරව ශල්‍යකර්මයක් සඳහා කියමින් මෙසේ මුදල් එකතු කර ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සැකකටයුතු පිරිසක් වීරගුල පොලිස් වසමේ මුදල් ආධාර එකතු කරන බවට ලත් තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
මෙම සැකකරුවන් කලින් කලට විවිධ රෝගීන්ගේ තොරතුරු සහිතව මේ ආකාරයට මුදල් වංචා කිරීමේ යෙදී ඇතැයි හෙළි වී තිබේ.
සැකකරුවන් සතුව තිබී රුපියල් පනහේ හා සියයේ ආධාර පොත්, තරුණියගේ ඡායාරූපය සහිත බැනරයක්, රුපියල් 2500 ක පමණ මුදලක්, ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.