ක.ග.කරුණාරත්න
පොළොන්නරුව-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල දී අද (12) අලුයම 4.00 ට පමණ ලොරි රථයක් නොනවත්වා ධාවනය කිරිමෙන් සිදුවු අනතුරකින් සාපෙළ සිසුවෙකු මිය ගිය බව පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව, කදුරුවෙල පැරකුම් පෙදෙස පදිංචි අමරසිංහ ආරච්චිලාගේ අංජිත ගයාශාන් අමරසිංහ (18) වේ.
අද දින අවසන් වන සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියදී මිතුරෙකුගේ නිවසට ගොස් පාඩම් කර ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුර සිදුකළ පලා ගිය ලොරිය කොළඹ සිට මඩකලපුව දෙසට ධාවනය වෙමින් තිබූ එකක් බවත් ලොරිය සහ එහි රියදුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.