ලොරි රථ අනතුරින් අධික මාර්ග තදබදයක්




ක.ග. කරුණාරත්න

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම මතදී අද (13) පස්වරු 05.00 ට පමණ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් පාලමෙන් පිටතට පැන අනතුරට ලක්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

ඒ හේතුවෙන් මෙහි වාහන ගමනා ගමනය මුළුමනින්ම ඇන හිට ඇත. කොටලීය පාලම දෙපස පැය 03 කට අධික කාලයකට පටන් විශාල තදබදයක් පවතින බවද පොලීසිය සඳහන් කරයි.

අනතුරට ලක් වූ ලොරිය ඒ ස්ථානයෙන් ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව පොලොන්නරුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.