ලොරි - යතුරුපැදි අනතුරින් පොලිස් කොස්තාපල්වරයා මරුට


(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)


බළන්ගොඩ අමුපිටිය ප්‍රදේශයේදී අද (24) වැනිදා  ලොරියක ගැටී යතුරුපදියක ගමන්කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගොස් ඇත.

යතුරුපැදියේ ගමන්කළ කොස්තාපල්වරයා බදුල්ල දෙසට ගමන්කරමින් සිට ඇති අතරලොරිය බදුල්ල දෙසින් කොළඹ දෙසට ධාවනය කරමින් සිටියදී අමුපිටිය ප්‍රදේශයේ දී මෙම  අනතුර සිදුව ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ  පැල්මඩුල්ල, කුට්ටපිටියේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පින්නවල පොලීසියට අනුයුක්තව සේවය කළ  78722 බන්දුල කීර්තිරත්න නම් තිස්හය හැවිරිරිදි පුද්ගලයෙකි.

අනතුරට පත් කොස්තාපල්වරයා බළන්ගොඩ මූළික රෝහළට ඇතුළත් කර ඇති අතර ඒවන විටත් මියගොස් තිබූ බව පින්නවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. පී අමරතුංග මහතා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිස් අධිකාරී ඩී.එස්.ජී.සන්දනායක, කොට්ඨාස භාර පොලිස් අධිකාරී බුද්ධීක සිරිවර්ධනයන මහත්වරුන්ගේ උපදෙස් පරිදි  පින්නවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. පී අමරතුංග මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීය.