(නිශාන්ත කුමාර)
මීගහකිවුල, ලොග්ගල්ලාඔය, කෑදත්ත මංකඩ හරහා එගොඩ මෙගොඩ විමට පාලමක් නොමැති වීමෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇතැයි කියති.
මෙම ස්ථානයෙන් එගොඩ මෙගොඩ වීම සඳහා කලකට පෙර අත්වැල් පාලමක් ඉදිකර තිබුණද මීට වසර දහයකට පමණ පෙර එම පාලම ඔයේ සැඩපහරකට හසුව ගසාගෙන ගිය බවත් මේ වන විට ඉතිරිව ඇත්තේ එහි දෙපස ආධාරක කුළුණු කිහිපය පමණක් බවත් ගම්වාසීහු පවසති.
මේ හේතුවෙන් ලොග්ගල්ලා ඔය දෙපස පිහිටි මිගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසායට අයත් කෝමාරික ගොඩයාගම මැදලන්ද හා ඒ අවට ගම්මාන රැසක පාසැල් දරුවන් ඇතුලු පවුල් 500 කට පමණ කරවටක් දියේ ගිලී ලොග්ගල්ලා ඔය හරහා එගොඩ විමට සිදුව තිබේ.
ඔය හරහා අනාරක්ෂිත ලෙස එගොඩ මෙගොඩ වූ කීපදෙනෙකුම ඔයෙහි ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ප්‍රදේශයේ ජනතාව පවසති.