(ජුඩ් සමන්ත)
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ මවට අයත් බව කියන ලී මෝලක තිබී රුපියල් ලක්ෂ 1 ½ ක් පමණ වටිනා දැව තොගයක් හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අද (7) අත්අඩංගුවට ගෙන ඇත.
ලුණුවිල - කිරිමැටියාන ප්‍රදේශයේ මෙම මෝල පවත්වා ගෙන ගොස් ඇත.
මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයාට අයත් ලී මෝලක් සහ ඔහුගේ මවට අයත් ලී මෝලක් එකම ඉඩමක පවත්වා ගෙන ගොස් ඇත.
බලපත්‍ර රහිත දැව තොගය තිබී ඇත්තේ අපේක්ෂකයාගේ මවගේ නමට බලපත්‍රය ලබා ගත් ලී මෝල තුළ බව වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.
දැව තොගය අතර මැහෝගනී දැව කදන් 18 ක්, තේක්ක දැව කදන් 04 ක්,හල්මිල්ල දැව කදන් 05 ක් සහ තේක්ක දැව කදන් 08 ක් පොලිස් බාරයට ගෙන තිබේ.