(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ලිඳුල, මෙරායා නගරයේ අද (18) අලුයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන් ගින්නෙන් දැවී විනාශයට පත්ව තිබේ.
මෙම ගින්න නිසා කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.
ගින්නට හේතුව අනාවරණය වී නොමැති බවත්, විදුලි කාන්දුවක් බවට සැක කරන බවත්, සිදුවූ දේපළ හානිය සම්බන්ධයෙන් මෙතෙක් තක්සේරුකර නොමැති ලිඳුල පොලීසිය පවසයි.
පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිරයාම සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබේ.






