විශ්ව විද්‍යාල සිසුවකු ලෙස දිවයින පුරා විශ්ව විද්‍යාල හතකට ගොස් සිසුන්ගේ ලැප්ටොප් පරිගණක 50ක් පමණ සොරා ගත් බව කියන තරුණයකු (23) සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. ඔහු මීට පෙර ලැප්ටොප් සොරකමකට සැකපිට සිටියදී බන්ධනාගාර බාරයෙන් පළා ගිය පුද්ගලයකු බවට තොරතුරු ඇතැයි ද පොලිසිය පවසයි.

