ලබුදුව උසස් තාක්ෂණ සිසුන් උද්ඝෝෂණ පාගමනක



 
(අමල් වික්‍රමරත්න)

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000 කට ආසන්න පිරිසක් අද (23) රජයට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පාගමනක් පැවැත්වීමට නියමිතය.

පාගමන ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිට ගාලු නගරය දක්වා ගමන් කර ගාල්ලේ දී විරෝධතා රැළියක්ද පැවැත්වීමට සුදානම් කර තිබේ.

මෙම ආයතනය ආරම්භ කර මේ වනවිට වසර 18 කට ආසන්න කාලයක් ගතවී ඇතත් බලධාරීන් වරින් වර පොරොන්දු ලබා දුන්නද මෙතෙක් ඉටු වී නොමැති බව පවසයි. 

නේවාසික පහසුකම් ලබා දීමට කටයුතු නොකිරීමත්, උසස් අධ්‍යාපන සිසුන් සඳහා ලබා දෙනු ලබන  මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වූ රුපියල් 5000 ක මුදල මෙතෙක්  ලබා නොදී ශිෂ්‍යත්ව හිමි සිසුන් සඳහා තවමත්  රුපියල්  1500 මුදලක් පමණක් ලබාදීම, දේශකවරුන්ට ගැලපෙන වැටුපක් ලබා නොදීම නිසා ප්‍රමාණවත් අයුරින් දේශකවරුන් පැමිණීමේ අර්බුදයට මෙතෙක් විසදුමක් ලබා දීමට කටයුතු නොකිරීමත්  යන කරුණු මුල් කර ගෙන මෙම පාගමන පැවැත්වීමට නියමිතය.