ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි පළමු විදෙස් ශාඛාව පසුගිය 27 වැනි දා ලන්ඩන් නුවරදී ආරම්භ කෙරුණි.
මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වෙන්නේ " බ්‍රිතාන්‍යයේ පදිංචි රටට හිතැති මව්බිම වෙනුවෙන් ඉදිරියට බලාපොරොත්තු වූ පිරිසකගේ සහභාගීත්වයෙන්" මෙම ශාඛාව ආරම්භ කරන ලද බවයි.
"නව බලාපොරොත්තුවක් තබමින් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සාමකාමී සහජීවනාත්මක මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් සංවර්ධනාත්මක රටක් දැකීම උදෙසා බ්‍රිතාන්‍යයේ පදිංචි දැයට හිතැති එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින් හට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ලන්ඩන් ශාඛාවේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති " බවද එහි දැක්වෙයි.
ලන්ඩන් ශාඛාවේ අනුශාසක ලෙස චන්දන සෙනෙවිරත්න පත්කෙරුණු අතර ප්‍රධාන සංවිධායක සහ සම්බන්ධීකාරක ලෙස අනුර මදගෙදරත් සභාපති ලෙස නීතීඥ රානි බුලත්වෙලත්, උප සභාපතිවරු ලෙස තුෂාර රණසිංහත්, ලහිරු අතුරලියද්ද සහ ශ්‍රී ලාල් සොයිසාත් පත් කර ඇත.
නව පක්ෂ ශාඛාවේ ලේකම් වන්නේ නීතීඥ ජෙයරාජ් පලිහවඩනයි. උපලේකම්වරු වශයෙන් චානක දිසානායක සමඟ ප්‍රදීප් සිල්වා පත්වුහ. මාධ්‍ය ලේකම් වන්නේ ඉන්ද්‍රජිත් ගමගේය. ඔහුගේ සහයට උප මාධ්‍ය ලේකම් වශයෙන් චතුර අවන්ත පත්කෙරුණි.
භාණ්ඩාගාරික වශයෙන් මිමී ඒකනායක පත්වූ අතර ජේෂ්ඨ කාරක සභිකයින් ලෙස සුජිත් ගමගේ, සුරංගි එදිරිසිංහ, කාන්ති හේමචන්ද්‍ර, අසංක හේමචන්ද්‍ර, ඩබ්ලිව්. හේමචන්ද්‍ර, සාලිය සල්ගාදු, ප්‍රසාද් රූපසිංහ, ඉන්දික ගුණසේකර, යයිසුරු පෙරේරා, මාලනී රණසිංහ සහ උපුල් ලියනගේ තේරී පත්වුහ.
එදින රැස්වූ සියලුම දෙනා එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවට සම්බන්ධව කටයුතු කළ සහ එහි තනතුරු දැරු අයවීම විශේෂත්වයකි.

![3[1]_65](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/31_65.png)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/411.png)
![1[2]_35](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/12_35.png)
![2[1]_345](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/21_345.png)
