ලග්ගල දැව ජාවාරමක් වටලයි



 
(ඉන්දික අරුණ කුමාර)

මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් ලග්ගල - පල්ලේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලක් තිස්සේ සිදුකළ මහා පරිමාණ දැව ජාවාරමක් වැටලීමට ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධරයෝ සමත්වෙති.

වසර 100 - 200 පමණ පැරණි කුඹුක් ශාක කපා වෙනත් ප‍්‍රදේශ වලට ප‍්‍රවාහනය සඳහා සුදානම් කර තිබියදී ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් එස්.ඩී.පී.ජයසූරිය මහතාට ලද තොරතුරකට අනුව මෙහෙයුම ක‍්‍රියාත්මක කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින්, ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරින් මෙන්ම ලග්ගල පොලිසිය ද මෙහෙයුම සඳහා සහභාගී වූ පිරිස් අතර වෙති.

අත්අඩංගුවට ගන්නා ලද දැව තොගය ලග්ගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට භාරයේ පවතියි.

කාලයක් තිස්සේ ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රඹුක්ඔලූව,ගඟහේන්වල,මඩුමාන,රාවනාගම,ගෝනවල සහ ගල්ගොඩවල ආදී ප‍්‍රදේශ රැසක් ඉලක්ක කර ගනිමින් ජාවාරම්කරුවන් විසින් දැව කැපීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.