(යොහාන් භාසුර)
නීති විරෝධීව ආනයනය කළ රුපියල් ලක්‍ෂ 8 කට ආසන්න වටිනාකමින් යුත් දුම්වැටි 12,000 ක් සමඟ සැකකරුවකු කොළඹ 12 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහූ සමත් වූහ.
කොළඹ 12 පරණ යෝන් වීදියේ නිවසක් තුළ ගබඩා කර තිබූ මෙම දුම්වැටි තොගය සමග අත්අඩංගුවට ගත් වයස අවුරුදු 43 ක් වන පුද්ගලයා සහ දුම්වැටි තොගය ඉදිරි විමර්ෂණ සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය බාරදුන් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් iii හි නිලධාරීන් ලද බුද්ධි තොරතුරකට අනුව මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.