(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පෝෂක ප්‍රදේශවලට අද (18) අලුයම සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන පොකුරු ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 3 බැගින් අද(18) දහවල් විවර කළ බව විදුලි බලමණ්ඩලය පවසයි.
ජලාශ දොරටු විවර කිරීමත් සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හෙයින් ඒ අවට ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය ඉල්ලා සිටියි.
ලක්ෂපාන පොකුරු ජලාශයේ වාන් දොරටු විවර කෙරේ
Recommended Articles