ලක්ෂ පහක තේක්ක දැව සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට


හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

නීතිවිරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව කඳන් තොගයක් සමඟ සැකකරුවකු අද (04) අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.

වනාතවිල්ලුව පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

ඉතා රහසිගතව කලක් තිස්සේ මෙම තේක්ක දැව ජාවාරම සිදුකර ඇති බව අනාවරණය වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී තවත් දැව කඳන් 16 ක් සොයා ගෙන තිබූ අතර මෙම දැව කඳන් 31 හි වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බව පොලිසිය කියයි.