(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න කේරල ගංජා තොගයක් සමග යුද හමුදා සෙබළකු කටුබැද්ද මාර්ග බාධකයේදී අද(06) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් 720ක් සොයාගෙන ඇත.
මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක, මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී සැකකරු පාර්සලයක් රැගෙන කලබලයෙන් බස් රථයෙන් බැසීමට තැත් කර ඇති බවත්, එහිදී පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ඔහුව පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය හමු වී ඇති බවත් පොලිසිය කියයි.
කලුතර - කටුකුරුන්ද ප්‍රදේශයේ පුද්ගලයකු මෙම ගංජා පාර්සලය වත්තල දක්වා ප්‍රවාහනය කරන්නැයි රුපියල් 10,000ක මුදලක් ලබාදෙන බව පැවසූ බවත්, ඒ අනුව මත්කුඩු රැගෙන ගිය බවත්, ප්‍රශ්න කිරීමේදී සැකකරු පැවසූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු 44 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සහ ගංජා තොගය ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.