සිතුම් චතුරංග
යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා මෝටර් රථයක් තුළ සඟවා ගෙන ආ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 50 සමඟ සැකකරුවන් පස්දෙනකු ඕමන්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
යාපනයේ සිට ගංජා ප්‍රවාහනය කරන පිළිබඳ ඕමන්ත පොලිස් නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථය තුළ රහසිගතව සඟවා මෙම මත්ද්‍රව්‍ය සැකකරුවන් විසින් ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ගංජා යාපනය ප්‍රදේශයෙන් මිලට ගෙන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැඩි මිලට අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ බවට තොරතුරු අනාවරණය විය.
සැකකරුවෝ කිලිනොච්චිය පරන්තන් හා ත්‍රිකුණාමලය නිලාවේලි පදිංචිකරුවෝ වෙති.