(ටී.කේ.ජී.කපිල )
සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා 46 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
ඔහු මෙම රන් මාල තොගය සිය ගෙලෙහි පැළඳ ගෙන සහ තමන් ඇඳ සිටි කලිසමේ සාක්කු වල සඟවාගෙන සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
රුපියල් 8,998,740ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 500 ක් පමණ බර රන් මාල තොගයක් සැකකරු සතුව තිබූ බව රේගුව පැවසීය.