(දිලීප් ජයසේකර)
මිද්දෙණිය කපුවාගල රක්ෂිතයේ අක්කරයක පමණ භූමියක ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (06) සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදෙරු පියෙකි.
මිද්දෙණිය කපුවාගල රක්ෂිතයේ මහා පරිමාණයෙන් ගංජා ජාවාරමක් සිදු කරන බවට තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
පොලිස් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවෙකු ගංජා හේනේ නඩත්තු කටයුතුවල නියැලෙමින් සිට තිබේ.
පොලිස් නිලධාරීන් දැක සැකකරුවෙකු පැනදුව ගොස් ඇති අතර ඔහු පස පස හඹාගොස් පොලිස් නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අක්කරයක පමණ භූමි භාගයක අඩි 07 ක් පමණ උස ගංජා ගස් 23000ක් පමණ ගලවා විනාශ කළ බව පොලිසිය පවසයි.
විනාශකෙරුණු ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේය.
සැකකරු වැඩිදුර විමර්ෂන කටයුතු සඳහා මිද්දෙණිය පොලිසියට භාර දී ඇති අතර සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

