(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටියේදී සුඛෝපභෝගී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 500,000කට අධික වටිනාකමින් යුතු විදේශීය මත්පැන් බෝතල් 40ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද මිලෙන් අධික මත්පැන් බෝතල් තොගයක් කොල්ලුපිටිය කැසිනෝ සමාජ ශාලාවකට වෑන් රථයකින් ප්‍රවාහනය කර අලෙවි කරන බවට පොලිසිය ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී විදේශගතව සිට මෙරටට පැමිණි මිතුරකුගෙන් මත්පැන් බෝතල් ලැබුණු බව පවසා ඇත.
සැකකරු වැල්ලම්පිටිය පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.