ලක්ෂ 45 යතුරුපැදි සොරා ගත් 4 ක් අත්අඩංගුවට


(ශාන්ත කුලරත්න)

රුපියල් ලක්ෂ 45 ක් වටිනා යතුරුපැදි 13 ක් සොරාගත් සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු ජාවාරම සඳහා භාවිතා කළ යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

සොරාගත් යතුරුපැදි අතරින් හොඳ තත්වයේ යතුරුපැදි 8 සහ කෑලි ගලවා කොටන් කළ යතුරුපැදි 5 ක් ගරාජ දෙකක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.