සිරිනිහාල් ගමගේ, අමල් වික්‍රමරත්න
හබරාදුව පොලිස් වසමේ දෙනියවත්ත ප්‍රදේශයේ නිවසකට අද (24) ඇතුළුවූ පුද්ගලයන් දෙදෙනෙකු රිවෝල්වරයක් පෙන්වා බියගන්වා නිවසේ තිබු රුපියල් ලක්ෂ 42 ක මුදලක් පැහැරගෙන ගොස් ඇත.
ඉඩමක් මිලදී ගැනීම සඳහා මෙම මුදල දින කිහිපයක් තිස්සේ නිවසේ තිබු බව නිවැසියන් පොලිසියට පවසා ඇත.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර හබරාදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.