(සිතුම් චතුරංග)
කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ආයතන රවටා රුපියල් ලක්ෂ 35 අධික වටිනාකමන් යුත් පි.වි.සි බට වංචනික ලෙස ලබාගත් ව්‍යාපාරිකයකු වවුනියාව, කූමන්කුලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
ව්‍යාජ ලිපි ලේඛන සකස්කොට කොළඹ ව්‍යාපාරික අයතනයන් කිහිපයකින් වංචනික ලෙස පි.වි.සි බට ලබාගත් පුද්ගලයකු පිළිබඳ වවුනියාව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරු විසින් වංචනික ලෙස ලබාගන්නා පි.වි.සි බට විවිධ පුද්ගලයින් වෙත අලෙවි කොට මුදල් ලබාගෙන ඇති බවත්ය.
සැකකරු හට වවුනියාව ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන පවතින අතර එම ව්‍යාපාරවලට අමතරව මෙලෙස ව්‍යාජ ලිපිලේඛන සකස්කොට දීර්ඝ කාලයක සිට සැකකරු මෙම වංචාවන් සිදුකොට ඇති බවද පොලිසිය පැවැසීය.