ලක්ෂ 30 ක මුදල් - දේපල සොරා ගත් පුද්ගලයකු අල්ලයි


 

(ශාන්ත ප්‍රදීප් කුමාර සහ ජයමාල් චන්ද්‍රසිරි)


ගෙවල් බිඳුම් තිස්පහකට වරදකරු වී වසර හයක් බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණ මාස තුනක් ඇතුළත දී තවත් ගෙවල් බිඳුම් 12 කින් රුපියල් ලක්ෂ 30 ට ආසන්න මුදල් හා දේපල සොරාගත් පුද්ගලයකු අද (5) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මිලි ග්‍රෑම් 1120 ක් පොලිස් බාරයට ගැණිනි.

                                                     
සැකකරු සොරාගත් ලැප් ටොප් 5 ,එල්.ඊ.ඩී රූපවාහිනියක්,පරිගණක මොනිටරයක් , ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 5 ,රෝස්ටරයක් ,තිර රෙදි , සුවඳ විලවුන්  හා ලක්ෂ 11 ක් වටිනා රන් භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

මෙසේ සොරාගත් භාණ්ඩ ඉතා අඩු මිලට උකස් භාණ්ඩ ලබා ගන්නා ස්ථාන වලට  විකුණා මුදල්  ලබාගෙන ඇති අතර  එම මුදලින් හෙරොයින් පානය කර ඇතැයිද පොලිසිය පවසයි.

සැකකරු දිනකට රුපියල් 12,000 -15000 අතර මුදලක් වැයකර හෙරොයින් පානය කිරීමට පුරුදුව සිට ඇතැයි ද පැවසේ.

අත්අඩංගුවට ගත්  සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි (41) හැවිරිදි පුද්ගලයෙකි.


සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි