(රොමේෂ් මධුෂංඛ)
රුපියල් 2,860,000 අධික මුදලක් වංචා කොට සැඟව සිටි පෞද්ගලික සමූහ ව්‍යාපාරයක වෙළඳ නියෝජිතයින් දෙදෙනෙකු වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ පිහිටි පෞද්ගලික සමූහ ව්‍යාපාරයකට අයත් වෙළඳ භාණ්ඩ වව්නියාවේ පිහිටි වෙළඳසැල් වෙත බෙදාහැර ඒ සඳහා දුන් මුදල් ව්‍යාපාර ආයතනයට නොදී සිටි පුද්ගයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
එම සමූහ ව්‍යපාරය විසින් වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකයට කළ දැනුම්දීමකට අනුව එහි නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා වව්නියාව තවසිකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇත.
ලක්ෂ 28 කට අධික මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Recommended Articles