ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
කුලී පදනම මත ලබාගත් වෑන් රථයක, මුහුණු ආවරණ පැළඳ යමින් ලංකා සතොස අලෙවිසැල් තුනක් කඩා එහි තිබු රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් සොරා ගත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
ඔවුන් සතුව තිබී වෑන් රථයක්,අලවංගුවක්, පොලිස් බාරයට ගෙන ඇත.
මෙසේ කොල්ල කා ඇත්තේ මුල්ලේරියාව, සියඹලාගොඩ සහ විද්‍යාල හන්දිය යන ස්ථානවල පිහිටි අලෙවිසැල් බව පොලිසිය කියයි.
මෙම අලෙවිසැල්වල යකඩ දොරවල් අලවංගුවක ආධාරයෙන් කඩා ඇතුළු වී එහි ගබඩා කර තිබු කිරිපිටි හා සබන් වර්ග පමණක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිලි ලැබී තිබේ.

