සිතුම් චතුරංග
යුද සමයේ සඟවා තිබූ රත‍්‍රං තොගයක් බව පවසා යාපනය ධනවත් ව්‍යාපාරිකයකු වෙත රන් ආලේපිත යකඩ තොගයක් ලබාදී රුපියල් ලක්ෂ 23 මුදලක් වංචා කළ පුද්ගලයකු අනුරාධපුරයේදී අද (12) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
සැකකරු හා තවත් දෙදෙනෙකු විසින් ව්‍යාපාරිකයාට රත්තරන් වර්ණ ආලේපිත යකඩ කැබලි ග‍්‍රෑම් 950ක ලබාදී මෙම මුදල වංචා කර තිබේ.
කිලිනොච්චිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පසුගිය 09 වැනිදා සිදුකළ පැමිණිල්ලකට අනුව කොට්ඨාස දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා ඇතුළු නිලධාරීන් සිදුකළ විමර්ශනයක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වෑන් රථයකින් පැමිණ ව්‍යාපාරිකයා වෙත රන් ආලේපිත යකඩ තොගය ලබාදී මුදල් රැගෙන පලා ගොස් ඇති අතර එම සිදුවීම කිලිනොච්චිය ප‍්‍රදේශයේ වෙළෙඳ සැලක සී.සි.ටි.වි දර්ශන තුළ සටහන්ව ඇති අයුරු පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබේ.
සැකකරු සතුව තිබි රන් අලේපිත විවිධ ප‍්‍රමාණයේ කාසි වර්ග , හිමිකරුවන් නොමැති ජාතික හැදුනුම්පත් කිහිපයක් ,ඇණ සඳහා භාවිතා කරන යකඩ වළලූ,ජංගම දුරකථන හා වංචා කළ මුදලින් රුපියල් දෙලක්ෂ 30000 මුදලක් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.