ඉන්දිකා රාමනායක
බම්බලපිටිය ප‍්‍රදේශයේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂ 18 ට ආසන්න වටිනා පරිගණක හා එම උපාංග සොරාගත් එම ආයතනයේ තාක්ෂණ නිලධාරියකු අද (3) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
සැකකරු මාස ගණනක සිට වරින්වර මෙම පරිගණක හා උපාංග සොරාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආයතනයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු මෙම ආයතනයෙන් සොරාගත් පරිගණක හා උපාංග හිටපු හමුදා කපිතාන්වරයකු වෙත අලෙවි කර ඇති බවත් එම කපිතාන් අන්තර් ජාලය ඔස්සේ ඒවා අලෙවි කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.