(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ මාවෙල ප්‍රදේශයේ නිවසකට රාත්‍රි කාලයේ ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල් 1300,000 ක මුදලක් සහ රුපියල් 15,000ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙළඳසල් හිමියෙකු ජූලි 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (03) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ, බලන්ගොඩ මාවෙල මාරබේ හන්දිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
පුද්ගලයන් 4දෙනෙකු නිවසකට ඇතුළු වී නිවැසියන් බියගන්වා එම මුදල රන් භාණ්ඩ සොරකම් කර ඇත.
මොහු හිටි හැටියේම අලෙවි කිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ වෙළෙඳසලට රැගෙන විත් ඇත. ඒ සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයට අනුව එම වෙළඳසලේ තිබු භාණ්ඩ ද අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.