(සිතුම් චතුරංග)
කිලිනොච්චිය නගරයේ ජංගම වෙළෙඳසල් දෙකක් බිඳ රුපියල් ලක්ෂ 12 ක වටිනා ජංගම දුරකථන සොරාගත් පුද්ගලයින් දෙදෙනකු පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
සොරා ගත් ජංගම දුරකථන සියල්ල පොලිසියට අසුවේ යැයි සිතා සැකකරුවන් විවිධ ස්ථානවල පොළව යට වළදමා තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
පසුගිය 5 වැනි දා රාත‍්‍රී කාලයේ ඇතුළුවූ කණ්ඩායමක් විසින් කිලිනොච්චිය නගරයේ වෙළෙඳසැල් දෙකක් බිඳ ජංගම දුරකථන සොරා ගත් සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් හා තවත් දෙදෙනකු විසින් මෙම සොරකම සිදුකර ඇති අතර සොරාගත් ජංගම දුරකථන විවිධ පුද්ගලයින් වෙත අලෙවි කිරීම සඳහා සූදානමින් සිට තිබේ.
සැකකරුවන් මුලතිව් පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ත් 24 අතර වයසේ පසුවන්නෝ වෙති.
( ඡායාරූප - රොමේෂ් මධුෂංක )