සිතුම් චතුරංග
යාපනය සිට මහනුවර දක්වා ලංගම බස්රථයකින් රුපියල් ලක්ෂ 11 වටිනා කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වවුනියාව පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු විසින් කිලිනොච්චියේ සිටින ගංජා ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිලදී ගෙන මැදවච්චිය ප්‍රදේශයට රැගෙන යමින් සිටි බවද කීය.
පොලිසිය පැවසූයේ සැකකරු තම ඇඳුම් බෑගයේ කේරළ ගංජා තොගය සඟවා තිබූ බවත් එහි තිබී විශාල ප්‍රමාණයේ කේරල ගංජා පාර්සල පහක් තිබී සොයා ගත් බවයි.
සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ සිටින ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා කේරළ ගංජා රැගෙන යමින් සිටි බවට පොලිසිය සැකපළ කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 ක් වයසැති පුද්ගලයෙකි.