(රොමේෂ් මධුෂංඛ)
වැලි රැගෙන යන මුවාවෙන් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා බුරුත කදන් 30 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ඊයේ (2) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව යාපනයේ කොඩිකාමම් පොලීසිය පවසයි.
බුරුත කදන් ප්‍රවාහනය කළ ට්‍රිපර් රථය පොලිස් බාරයට ගෙන ඇත.
වව්නියාවේ රක්ෂිත වනයකින් කපන ලද මෙම බුරුත කොට තොගය යාපනය දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.
ටිපර් රථයෙන් වැලි ප්‍රවාහනය කරන ආකාරයට සකසා තිබූ අතර ටිපර් රථයේ රියදුරු පොලීසියට පවසා ඇත්තේද වැලි ප්‍රවාහනය කරන බවයි.
සැකකරු අද (3) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.