ලක්ෂ 10 ක කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට


(සිතුම් චතුරංග)

යාපනය සිට කොළඹ දක්වා රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ අටක් රැගෙනයමින් සිටි කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු  වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

දූෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු වන අතර සැකකරු දීර්ඝ කාලයක සිට උතුරේ සිට කේරළ ගංජා බස්රථවලින් ප්‍රවාහනය කළ පුද්ගලයකු බව තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවටගත් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු වන අතර වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතය.