ලංගම බස් රියකට කාක්කපල්ලියේදී ප්‍රහාරයක්


(ජුඩ් සමන්ත)

මානලෙම්බුව සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවට අයත් බස් රථයකට කාක්කපල්ලිය දී ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හලාවත පොලීසිය කියයි.

අද (25) පෙරවරු 6.10 ට පමණ හලාවත - කොළඹ මාර්ගයේ කාක්කපල්ලිය මංසන්ධිය  ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය සිදුව ඇත.

ත්‍රී රෝද රථයකින් පැමිණි කිහිප දෙනකු මෙම ප්‍රහාරය කර පලා ගිය බව බස් රථයේ රියදුරු පොලීසියට පවසා තිබේ.බස් රථයේ ඉදිරිපසට හානි වී ඇති නමුත් එහි ගමන් කරමින් සිටි මගීන්ට හානියක් සිදුවී නැත.