ලංගම බසයක ගැටී යතුරු පැදිකරු මිය යයි


ජුඩ් සමන්ත
 
කීරියන්කල්ලිය - ආඩිගම මාර්ගයේ ගල්කුලිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවු  අනතුරකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
 
අනතුරින් මිය ගොස් ඇත්තේ ආඩිගම - කජුවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි  පුද්ගලයකි.

අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
 
අනතුරට සම්බන්ධ බස් රථය හා රියදුරු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.