(අනීෂා මානගේ)
බස් නැවතුමට පිට ස්ථානයක බස් රථය නැවැත්වූයේ නැතැයි උරණ වී ලංගම බස් රථයක කොන්දොස්තරවරයකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු අද(23) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නෙටොල්පිටිය වැලිආර පුදේශයේ පදිංචි 28 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ තංගල්ලේ සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ තංගල්ල ඩිපෝවට අයත් බස් රථයක සේවය කරමින් සිටි කොන්දොස්තර මහතෙකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයා අද ල් මෙම ලංගම බස් රථයේ ගමන් කර ඇති අතර නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී බස් නැවතුමට පරිභාහිර ස්ථානයක බසය නැවැත්වීමට අණකර ඇත.
එහිදී බස් රථයේ රියැදුරු බසය එම අදාල බස් නැවතුමෙහි නවතා ඇත. තමා කියූ ස්ථානයේ බසය නැවැත්වූයේ නැතැයි උරණ වූ තරුණයා කොන්දොස්තරවරයාට පහර දී ඇතැයි පොලිසිය කියයි.
පහරදීමේදී කොන්දොස්තර සතු වූ ජංගම දුරකතනයටද හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.