රෙජිස්ට්‍රාර්වරයෙකුගේ නිවස කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට


(මොහොමඩ් ආසික්)
 
පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මඩදෙණිය ප්‍රදේශයේ පදිංචි අධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙකුගේ නිවසක් බිඳ රුපියල් 460,000 ක් වටිනා රන් බඩු සොරා ගත් බව කියන පුද්ගලයකු වසර දෙකකට පසු පූජාපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙයට වසර දෙකකට පමණ පෙර මෙම සැකකරු නිවස බිඳ එහි රන් බඩු සොරා ගෙන ගොස් තිබිණි.
 
 මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. 
 
 මෙම සැකකරු විසින් සොරා ගත් රන් බඩු ගම්පහ, පූජාපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක රුපියල් 320,000 කට උකස් කර තිබියදී පොලීසිය සොයා ගෙන ඇත.
 
 අත්අඩංගුවට ගත් සැකකරු අද (06) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 පූජාපිටිය පොලිස් නිලධාරීහු මේ  සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.