(කුෂාන් ජයවර්ධන)
නීති විරෝධී ලෙස රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකර සේවයෙන් පලාගොස් සැඟව සිටි නාවික හමුදා සෙබළකු අද (14) අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි.
සිය සැමියා පිළිබඳව තොරතුරක් නොමැති බවට සැකකාර නාවික සෙබළාගේ බිරිය විසින් ඉකුත් 08 වැනිදා ඉපලෝගම පොලිස් ස්ථානයට කර තිබූ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව සිදුකළ විමර්ශණ වලදී අදාල සෙබළා ඉකුත් 07 වැනිදා සිට නාවික හමුදාවෙන් පලාගොස් ඇති බවට පොලිසිය තොරතුරු අණාවරණය කර ගෙන තිබේ.
පසුව ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩි දුර විමර්ශණවලදී සැකකාර නාවික සෙබළා පදිංචිව සිටින ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ වෙනත් නිවසක සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ත‍්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ සේවයට අනියුක්තව සිටි නාවික හමුදා ගුවන්විදුලි කාර්මික අංශයේ සෙබළෙකි.
ඔහු ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ පදිංචි 33 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
පොලිස් අත්අඩංගුවටපත් නාවික සෙබළා ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා විනයාරක්ෂක ඒකකයට භාරදීමට නියමිත බව පොලිසිය කියයි.