(ටෝනි කරුණානායක)
දැල්වෙමින් පවතින වර්ණ සංඥා සහ අනතුරු නාද නිකුත් වන අවස්ථාවේ දුම්රිය සංඥා නොතකා දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කළ රියදුරන් 6 දෙනෙකුට දඩ නියම කිරිමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා අද (19) නියම කළේය.
එක් අයකුට රුපියල් 2000 බැගින් රුපියල් 12000 ක දඩයක් නියම කැරිණි.

