(ඔගස්ටින් ප්‍රනාන්දු)
කොළඹ හලාවත මාර්ගයේ කටුනේරියේ දි අද ( 10) උදෑසන සිදුවු අනතුරකින් හමුදා සාමාජිකයෙකු මිය ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි.
ඔහු සේවයට යමින් සිටියදී ත්‍රි රෝද රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ද ගැටී අනතුරට ලක්ව ඇත.
තුවාල ලැබූ හමුදා සෙබළා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මිය ගොස් ඇත්තේ හලාවත මුගුණුවටවන විසු වර්ණකුලසුරිය ටිරෝන් සෙපිල් ප්‍රනාන්දු ( 29 ) නමැති, ගුවන් හමුදා සාමාජිකයෙකි.
අනතුරට සම්බන්ධ රථවල රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.