(සුමතිපාල දියගහගේ )
ගාල්ල - කොළඹ මහා මාර්ගයේ බූස්සේදී මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්. තිලක් නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු බූස්සේ හෝටලයකට ගොස් ආපසු නිවස බලා යමින් සිටින විට කොළඹ සිට පැමිණි ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ පසු මිය ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය අයගේ මරණ පරීක්ෂණය අද (6) කරාපිටිය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු රත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.