රිය අනතුරකින් දෙදෙනෙක් මරුට


(කේ බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ කොට්ටාව මහල්වරාව හන්දිය ආසන්නයේදී ජීප් රථයක් සහ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (12)  සිදු වූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත.

තුවාල ලැබු තවත්  තිදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව  කොට්ටාව පොලිසිය පවසයි.

මෙලෙස  මිය ගොස් ඇත්තේ මීගොඩ පානළුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 36 වයස්වල පුද්ගලයින් දෙදෙනෙකි.

අනතුර සිදු වූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු කොට්ටාව පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත